V2025

විනෝදාස්වාද

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

99වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා මීටර 5,000 තරග ඉසව්ව විනාඩි 15.55.84කින් අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් වුවාය.

99වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

විනාඩි 16.17.51 කින් එම ඉසව්ව නිමකළ හිරුණි විජේරත්න මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුණි.

චන්ද්‍රෂාන් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් සහ පරිපාලයෙක් මෙන්ම රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයෙක් ආදි අංශ රැසකින් ප්‍රසිද්ධියක් උසුලා සිටි චන්ද්‍රෂාන් පෙරේරා  මීගමුවේ පිහිටි රෝහලක දී අද (24) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමනාකරුවෙක් සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අභ්‍යාසකවරයෙක් ද වන චන්ද්‍රෂාන් පෙරේරා  වසර තුනකට අධික කාලයක් අසනීප තත්වයෙන් පසුවිය.

ලොව ජනප්‍රියම කෙටි චිත්‍රපටය මලිඳුගේ Smiling Roses

ඕස්ට්‍රේලියාවේ Focus on Abilty - 2021 කෙටි චිත්‍රපට උලෙළේ International Most Online Votes තරඟ අංශය ජයග්‍රහණය කිරීමට Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය නිර්මාණය කළ මලිඳු කාවින්ද කුමාරසිංහ සමත්විය.

මෙම චිත්‍රපට උලෙළ විශේෂ අවශ්‍යතා සහිත මිනිසුන් දිරිමත් කිරීම අරමුණු කරගනිමින් පැවැත්විණි. අදාළ තරඟ අංශය සඳහා රටවල් 21ක චිත්‍රපට 97ක් ඉදිරිපත්ව තිබිණි. දිරිමත් කාන්තාවක් ඇසුරින් නිමවූ Smiling Roses කෙටි වාර්තා චිත්‍රපටය සිය ජංගම දුරකථනය යොදාගනිමින් කළ බව ඔහු සඳහන් කරයි.

මීට ඉහතදී ඔහු විසින් නිර්මාණය කළ A Day After Revolution කෙටිචිත්‍රපටය ද ඉන්දියාවේ Ashaa International Film Festival 2021 හි හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය දිනා ගන්නා ලදී.

image 93168d3664කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමාව සහ රූපවාහිනී අධ්‍යයනය හදාළ, මලිඳු කාවින්ද කුමාරසිංහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිද, කාව්‍ය නිර්මාණකරණයේද, මුහුණුපොතෙහි නිර්මාණාත්මත කතාන්දර රචනයෙහිද සමත් තරුණයෙකි. 'ගිහින් එන්නම් නාමලී' කාව්‍ය සංග්‍රහය සහ 'ලෙෆ්ට් රයිට්' නම් කෙටි චිත්‍රපටය ඔහුගේ නිර්මාණ වේ.

Smiling Roses කෙටි චිත්‍රපටය සහ එය ජයග්‍රහණය කළ මොහොත පහත ලින්කු ඔස්සේ නැරඹිය හැකිය.

ඩිල්ශානි චතුරිකා දාබරේ

ජනප්‍රිය රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන දිවියෙන් සමුගනී

ජනප්‍රිය රංගන ශිල්පිණි විශාකා සිරිවර්ධන  අභාවප්‍රාප්තවී තිබේ.

මිය යන විට 65 වැනි වියේ පසු වූ ඇය, පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ඇය කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර කුරුණෑගල රෝහලේදී ඊයේ (23) ජීවිතයට සමුදුන්නාය.

ඇය 1981 වසරේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අතර ‘යහළු යෙහෙළි‘ , "සසර චේතනා", "සඳ මඩල", "සත්‍යා දේවි" , ‘රන්දැම්වැල්‘, ‘ක්‍රිස්තු චරිතය‘,‘යසෝමා‘ ඇතුළු චිත්‍රපට 30 කට වැඩි ගණනක රඟපා තිබේ.

සරසවිය නැගී එන නිළිය සම්මානයෙන් 1985 දී ඇය පිදුම් ලද අතර 1986 ඕසීඅයිසී කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

‘තුලා දහර’ , ‘සරල සමනලි’ ,‘කිත්සිරිගේ ඉරණම’, ‘දෙවෙනි වේදිකාව’, ‘සැවිල් පාලික්’ වැනි ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ. සපුගස්තැන්න, කලගෙඩිහේන ප්‍රදේශයේ ඇය පදිංචිව සිටියාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඇගේ උපන්ගම වූ කුරුණෑගල කටුපොතදී අද (24) සිදුකිරීමට නියමිතය.

Page 25 of 33