Language Switcher

V2025

ඇමති විජේදාස සීගිරියට ගිය ගමන

සීගිරිය පුරා විද්‍යා භූමිය සහ පුරාවිද්‍යා කෞතුගාගාරය, එහි යටිතල පහසුකම් ඇතුළු පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු විජයදාස රාජපක්ෂ පසුගියදා  එහි සංචාරයක් සඳහා සහභාගී විය. 

එහි දී අන්තර්ජාල ප්‍රවේශපත්‍ර  නිකුත් කිරීම, නව ඉදිකිරීම් සහ නඩත්තු කටයුතුවල පවතින ප්‍රමාදය, ඉදිකිරීම් උපදේශනය සහ එහි පවතින ප්‍රමාදය, නව ආපන ශාලාවක් ඉදි කිරීම, නව වෛද්‍ය ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරිම සහ ගිලන් රථ සේවාවක් ස්ථිපිත කිරීම ආදී කරුණු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. 

මෙම අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.