Language Switcher

V2025

මහ බැංකුව වාර්තා ගත පොලී අනුපාතිකයක

දරුණු කාලගුණික විපර්යාසයන්ට මුහුණ දෙමින් වුවද ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා ගත ආකාරයෙන් පොලි අනුපාතිකය පවත්වා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත කුමාරස්වාමි මහතා පැවසුවේ ස්ථාවර ණය පහසුකම් අනුපාතය 8.75 ක ප්‍රතිශතයක සහ ස්ථාවර තැන්පතු පහසුකම 7.25 ක ප්‍රතිශතයක තබා ගැනීමට හැකිව තිබෙන බවයි.

බ්ලූම්බර්ග් සමීක්ෂණයේදී ආර්ථික විද්‍යාඥයින් හත්දෙනෙකු පමණ මේ පිළිබඳ අනාවැකි පළකර තිබුණි.

වසර 40 ට පසු පැවති දරුණුම නියඟයට මුහුණ දෙමින් සහ දශකයකට පසු ඇතිවූ දරුණු ගංවතුරෙන් පසු සැපයුම් ක්‍රියාදාමය ඇණහිටීම හේතුවෙන් උද්ධමන අනුපාතය මහා බැංකුවේ ඉලක්ක කරගෙන සිටි මට්ටම වූ සියයට 4 සිට සියයට 6 ක් දක්වා ඉහල යාමත් සමඟ පසුගිය වසරේ ආර්ථික වර්ධනය සීමා විය.

ජනවාරි මාසයේදී පාරිභෝගික භාණ්ඩවල මිල සියයට 5.8 කින් ඉහළ ගොස් තිබේ.

තිරසාර වර්ධන මාවතකට පහසුකම් සැලසීම සඳහා මාධ්‍ය කාලීනව මධ්‍යස්ථ මට්ටමෙන් උද්ධමනය පවත්වාගෙන යාමේ මුදල් මණ්ඩලයේ තීරණය මේ අනුව නිවැරදි බව මහා බැංකුව පවසා තිබේ.