Language Switcher

V2025

2017 වසරේ මත්ස්‍ය අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 15 ඉක්මවයි

2017 වසරේ මත්ස්‍ය අපනයනය හරහා මෙරටට ඇමරිකන් ඩොලර් බිලියන 15 කට අධික ආදායමක් ලැබී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සීනෝර් පදනමේ පැවති උත්සවකදීය.

එසේම ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය මේ වන විට විශාල දියුණුවක් ලබා ඇති බවත් ඒ තුළ 2017 වසරේ මෙරට අපනයන ආදායමින් 44%ක් මුහුදු ආහාර අපනයනයෙන් ලබාදීමට හැකිවී ඇති බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙරට දිනපතා මත්ස්‍ය අස්වැන්නෙන් 40%ක් පමණ පසු අස්වනු හානියට ලක්වන බවත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් කිරීම සඳහා පියවර ගැනීමට කටයුතු කරන බවත් පවසා ඇත.