Language Switcher

V2025

ආනයනික අර්තාපල් බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1.00 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30.00 දක්වා ඉහළ දමන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

දේශීය අල ගොවියාට සහන දීමට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වදිදුරටත් සඳහන් වන්නේ දේශීය අර්තාපල් අස්වැන්න මේ වන විට වෙළඳපොළට පැමිණෙමින් ඇති බැවින් දේශීය අර්තාපල් ගොවියන්ට සහන සැලසීම වෙනුවෙන් මෙම බදු වැඩිකිරීම සිදුකළ බවය.

එසේම නව බදු සංශෝධනය එළඹෙන මාර්තු 21 දක්වා ක්‍රියාත්මක බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.