Language Switcher

V2025

ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් කරනවා - අගමැති

ශක්තිමත්, තිරසර හා නම්‍යශීලී ආර්ථිකයක් ඔස්සේ ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා ආකර්ශනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙසේ දන්දහන් කර ඇත්තේ පසුගියදා සිංගප්පූරුවේ පැවති ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජන සමුළුව අමතමින්ය.

එසේම චීනයේ සිට ස්පාඤ්ඤය දක්වා වෙසෙන බිලියන 3 ක ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් භාණ්ඩ හා සේවා සැපයිය හැකි, ඉන්දීය සාගරයේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය ලබා ගැනීමට දැන් ජාත්‍යන්තර ආයෝජකයන්ට අවකාශ ලැබී ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ශක්තීන් කෙරෙහි වැඩි බරක් තබමින්, කලාපයේ කැපී පෙනෙන ස්ථානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.03

මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ සිංගප්පූරුවේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් අතර ද්වීපාර්ශව සාකච්ඡාවක් ෆෝ සීසන්ස් හෝටලයේ තිබී ඇති අතර එහිදී මේ වසරේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ලබාදුන් දායකත්වය අමාත්‍ය එස්. ඊස්වරන්ගේ ඇගයීමට ලක්ව ඇති බවද වාර්තා වෙයි.

එසේම එම ගිවිසුම පදනම් කර ගනිමින්, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙන බවද දැනගන්නට ඇත.

07