Language Switcher

V2025

සේවක අයිතීන්- වරප්‍රසාද නොදෙන හාම්පුතුන්ට වැඩ වරදියි

සේවකයින්ට හිමි අයිතීන් හා වරප්‍රසාද ලබා නෙදෙන ආයතන පරීක්ෂා කොට ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ මේ වසරේ සිට වේගවත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී තීරණය වී ඇත්තේ සේවක අයිතීන් සහ වරප්‍රසාද නොදෙමින් සේවකයින් සේවයේ යොදවන අයතන කම්කරු නිලධාරින් විසින් සිදුකරන විමර්ශන වැඩි කිරීමය.

ඒ අනුව සාමාන්‍යයෙන් කම්කරු දෙපාර්තමේන්තුව වසරකට ආයතන 75,000ක් පමණ පරික්ෂාවට ලක්කරන අතර මේ වසරේ සිට එම සංඛ්‍යාව 90,000 දක්වා වැඩි කිරීමය පියවරගෙන ඇති අතර ඒ බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර ද තහවුරු කර ඇත.

මෙම විමර්ශන දිස්ත්‍රිකක් කම්කරු කාර්යාල මඟින් පුහුණු කම්කරු නිලධාරින් ලවා සිදු කෙරෙන අතර එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා වෙනම නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇත. එසේම ඔවුන් මාස 3කට වරක් එම කාර්යාලවලට ගොස් පරීක්ෂණ වල ප්‍රගතිය විමසා බැලීමට නියමිතව ඇත.

තවද සේවක අර්ථසාධක අරමුදල් හා සේවා භාර අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට විරුද්ධවය නඩු පැවැරීමේ කටයුතුද කඩිනම් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද වාර්තා වෙයි.