Language Switcher

V2025

මහනුවරටත් ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයක්

ද ගෝල්ඩන් ක්‍රවුන් පෞද්ගලික සමාගමට අයත් මෙම හෝටලය, අක්කර දෙකක මනරම් භූමිභාගයක ඉදිකර ඇත. ආචාර්ය උපේන්ද්‍ර රාජපක්ෂ මහතා ගේ නිර්මාණයක් වන මෙය, පරිසර හිතකාමී අන්දමින් ඉදිකර තිඛෙන අතර, සුඛෝපබෝගී හෝටලය කාමර 90 කින් පමණ සමන්විත වේ.

සමරු ඵලකය නිරාවරණය කර හෝටලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

අමාත්‍ය එස්.බී.දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ සභාපති ශ්‍රියානන්ද විජේකෝන්, කළමනාකාර අධ්‍යක්ෂ චානුක විජේකෝන්, මුල්‍ය අධ්‍යක්ෂ හංසිනී විජේකෝන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.