Language Switcher

V2025

ලංකා IOC තෙල් මිල ඉහළ දමයි : ඛනිජ තෙල් සංස්ථාව තවම තීරණයක් ගෙන නෑ !

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර සඳහන් කරයි.

එසේම නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටින්නේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලාභය පමණක් සලකා තීරණ ගන්නා ආයතනයක් නොවන බවය.

ලංකා IOC තෙල් මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා ඇත. එම සමාගම සඳහන් කරන ආකාරයට ඩිසල් ලීටර්යක් රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9 කින් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව ලංකා IOC නව ඉන්ධන මිල ගණන් වන්නේ, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටර්යක් රුපියල් 126.00 හා ඩීසල් ලීටර්යක් රුපියල් 100.00 ලෙසය.

මිල ඉහල දැමීමේ හේතුව

මේ ආකාරයට තෙල් මිල ඉහල දැමීමට හේතුවුයේ සමාගමේ පාඩු පියවා ගැනීමට බවද වාර්තා වෙයි. ලංකා IOC සමාගම පසුගිය 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 340 ක අලාභයක් ලබා ඇති බව එම සමාගමේ මූල්‍ය වාර්තා පෙන්වා දේ. 2016/17 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී රුපියල් බිලියන 3.71 ක ලාභයක් ලබා ඇති ලංකා IOC සමාගම 2017/18 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී රුපියල් මිලියන 652 ක අලාභයක් ලබා තිබේ.

සමාගම පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල සංශෝධනය නොවීම සහ ආනයනික නිෂ්පාදන බදු ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.

New petrol