Language Switcher

V2025

2020 වනතුරු ලංකාවට ඇමරිකා GSP සහනය හිමිවෙයි !

ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (GSP) නැවත ලැබීමට අවස්ථාව උදාවී ඇති බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අදාළ පනතට අත්සන් තබා තිබීම හේතුවෙන්ය.

ඒ බව සඳහන් කරමින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් සටහනක්ද තබා ඇති අතර එහි දැක්වෙන්නේ පසුගිය 23 වැනිදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නැවත වරක් ජී.එස්.පී සහනය අනුමත කරමින් අයවැය පනතට අත්සන් තබා ඇති බවය.

usaඑක්සත් ජනපද තානාපති කාර්යාලය තබා තිබූ ට්විටර් සටහන

 ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී සහනය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වූ අතර මෙම වසර (2018) වසර මූල්‍ය කටයුතු අරඹන අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දී තිබූ එම සහනය දීර්ඝ කර නැති බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබිණ.

මේ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හිමිවන ජී.එස්.පී සහනයේ වරප්‍රසාද හිමිවනු ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයට භාණ්ඩ හා සේවා අපනයනය කරන ලද්දේ තීරුබදුවලට යටත්වය. නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේ සමස්ත අපනයනයෙන් 25.6% ක ප්‍රතිශතයක් ඇමරිකාවට සිදුකර තිබුණි.