Language Switcher

V2025

20 සිට ත්‍රීරෝද රථවල මීටරය අනිවාර්යයි

එළඹෙන 20 වනදා සිට ත්‍රී රෝද රථ සඳහා ගාස්තු මීටරය අනිර්වාර්ය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කරන ලෙසට මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් රජය මෙම පියවර ගෙන තිබේ.

කෙසේ වුවත් ගාස්තු මීටරය මීට පෙර අනිවාර්ය කර තිබුණේ පසුගිය පළමු වනදා සිටය. නමුත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරන්නේ ත්‍රී රෝද රථ රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයක ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බවය.