Language Switcher

V2025

අත්‍යාවශ්‍ය භාණ්ඩ 15ක මිල පහළට

අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට සහන සැළසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 15ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව ලොකු ළුණු කිලෝව රුපියල් 52.00 සහ සුදු කැකුළු කිලෝව රුපියල් 59.00ක්, සීනි කිලෝව රුපියල් 100.00ක්, ලෙස සතොස වෙළඳ සැල් හරහා මිලදී ගැනීමට පහසුකම් යොදා ඇත.

එමෙන්ම නාඩු සහල් කිලෝවක් රුපියල් 65.00 ක් දක්වා සහ පොල් ගෙඩියක් 65ක් දක්වා මිල පහළ දමා ඇති අතර එමෙන්ම තෝරාගත් භාණ්ඩ 600 කට 40%ක මිල අඩු කිරීමක් කරන්නට සතොස තීරණය කර ඇති බවද එහි පාලනාධිකාරිය සඳහන් කරයි.