Language Switcher

V2025

ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මන්දගාමී වීම සහ අස්ථාවර දේශපාලන හැසිරීම තවදුරටත් පැවතියහොත් එය ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙයි.

දේශීය මැතිවරණ චක්‍රය ක්‍රියාත්මක ආකාරය සහ විදෙස් ගැනුම්කාර රටවල ආර්ථිකය මන්දගාමී ස්වභාවයක් ගෙන තිබීමද ලංකා ආර්ථිකයට බලපෑ හැකි බවත් කෙසේ නමුත් පරිභෝජන සහ ආයෝජන මුල්කරගත් ලංකා ආර්ථිකය 2018 වසරේ 4.5% ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට තවමත් ඉඩ ඇති බවද එහිදී ලෝක බැංකුව සඳහන් කර ඇත.

කෙසේ වුවත් ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට කැපවීම සහ තරගකාරීත්වය පවත්වා ගැනීමත් රාජ්‍ය මුල්‍ය කළමනාකරණය යහපත් ලෙස සිදුකර ගැනීමත් ලංකාවට අත්‍යාවශ්‍යව ඇති බවය.