Language Switcher

V2025

ධීවරයන්ට සහ සමෘද්ධිලාභීන්ට ඉන්ධන සහනය ස්ථිරයි - අගමැති 

ඉන්ධන මිල වැඩි වුවත් එහි පීඩනය ධීවර ජනතාවට සහ සමෘද්ධිලාභීන්ට නොදැනීම සඳහා එම පාර්ශවයන් වෙත සහන මිලට ඉන්ධන නිකුත් කරන්නට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ඊයේ (12) ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළගොස් ඇති ආකාරයට තවදුරටත් එය දරාගැනීමට රජයට දුෂ්කරව තිබෙන බවද පැවසීය.

එසේම ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවූ පසු මෙරට ඉන්ධන මිලද අඩු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල පාලනය කිරීමට අපට හැකියාවක් නොමැති බවත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වන විට මෙරට තෙල් මිල වැඩි වීමටත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වන විට එම වාසිය ජනතාවට ලබාදිය යුතු බවය.