Language Switcher

V2025

ව්‍යවසායක ජාන අවධි කරගන්න

ජැක් මා කියන්නේ  අන්තර් ජාල වෙළඳාමේ ප්‍රමුඛයාය. අලිබබා ව්‍යාපාරයේ හිමිකරුය. ඔහුගේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 25 ට අධිකය. ජැක් මා මේ තැනට පත්වුයේ අසාර්ථකවීම් සහ ප්‍රතික්ෂේපවීම් රැසකට පසුවය. එහෙත් ඒ කිසිඳු අවස්ථාවක ඔහු තම ව්‍යවසායක සිහිනයට සමුනොදුන් නිසා අද ඔහු සමාජවාදී චීනයේ සිටින ලොව ප්‍රමුඛ ධනවතෙකුව සිටින්නේය. 

ව්‍යවසායක සිහිනයක් නොදකින්න මේ සටහනේ ඔහු නැත. ඔහු ලෝකයම දන්නා ලෝකයටම ආදර්ශයක් වූ අපේ කාලයේ මිනිසෙක් වන්නේද නැත.

අද ශනිදා සටහනට අප ජැක් මා රැගෙන පැමිණියේ ජීවිතයත්, ලෝකයත් දිනන්න ඔහු ගිය ව්‍යවසායක ගමන යාමට  දැන් අපටද අවස්ථාව හිමිව ඇති බව සිහිපත් කරන්නටය. 

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ ඒ ව්‍යාපෘතියය. 2025 පොහොසත් රටක් ආර්ථික දැක්ම මත පිහිටා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ සංකල්පයක් වූ එහි අරමුණ ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමය. 

සම්ප්‍රදායික දේශපාලනය විසින් මෙතෙක් ජනතාව හුරුකර සිටියේ  නිකං   දෙන බොහෝ දේ ගැන කියා බලය ගන්නටය. ජාතික ආර්ථිකය වැනි ලෝකයේ කොහේවත් නැති ආර්ථිකයක් ගැන කියන ආර්ථික ඔස්තාර්ලාද  වෙනුවෙන් ව්‍යවසාය සංවර්ධනය කරන හැටි කීවාද ඊට ඇති වැඩපිළිවෙල කොතැනවත් සඳහන් කර නැත.

එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා එන්නේ එවැනි පසුබිමක් ඇති රටකය. ව්‍යාපාරයක් ඇරඹීම සඳහා මෙතෙක් පැවති බාධා සියල්ල මෙතැනදී ඉවත්කොට ඇත. සරලවම කියනවා නම්  ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වාගෙන යන වැඩපිළිවෙල සහ දැක්ම ඔබ සතු නම් ඊට අවශ්‍ය ප්‍රාග්ධනය ඉතිහාසයේ නොවූ විරු තරම් සහන පොලියකට   ලබාගන්නට  ඔබට දැන් අවස්ථාව හිමිව ඇත. 

සමස්ථ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” යෝජනා ක්‍රම 16 කින් සමන්විත වන අතර පොලී සහනාධාර ණය  යෝජනා ක්‍රම 11 ක්, විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූුල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක් හා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලෙසන වැඩසටහන් 2 ක් ඒ් තුළ අන්තර් ගතය.

මෙම ණය යෝජනා ක්‍රම සඳහා  2018 වසර තුළ පොලී  සහනාධාර ගෙවීමට රජය විසින් රු. මිලියන 5,250 ක් වෙන්කර ඇත. එම සමස්ථ මුදල උපයෝගී කරගනිමින් ආර්ථිකය තුළ රු. මිලියන 60,000 කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදුකරන්නට අවස්තාවද  ඇත. ව්‍යවසායකයින් බිහිකරන අතර තුර ඒ ආශ්‍රිත රැකියා 50000 ක් පමණ බිහිකිරීමද රජයේ අපේක්ෂාව වී ඇත.

මෙහි ඇති විශේෂත්වයද ඇත්තේ අන්න එතැනය. සැබවින්ම මේ අවධිකරන්නට උත්සාහ ගන්නේ ලාංකිකයා සතුවූ කාලයාගේ ඇවෑමයෙන් ඈත්ව ගිය ජානගත ව්‍යවසායක හැකියාව අවධි කිරීමය. 

සැබවින්ම කිලෝ මීටරයකට අඟලක බැස්මක් සහිත යෝධ ඇළ කියාපාන්නේ අප සතුවූ වාරි තාක්ෂණයේ නිපුනත්වයය. සීගිරි පර්වතය මතට ජලය ගෙන ගිය ඒ ඉතිහාසය කියා පාන්නේ අපේ පැවති ඉංජිනේරු නිපුනත්වයය. හොඳම සහල්, හොඳම කුළුබඩු නැව් නැංවූ ඒ ඉතිහාසය සාක්ෂි දරන්නේ අප සතු ව්‍යවසායික ගුණයයි. 

එහෙත් ඒ ගුණය  කාලනුරූපීව වර්ධනය කර ගන්නට අප සමත්වූයේ නැත. ඒ වෙනුවෙන් උනන්දු වුයේද නැත. ඒ වෙනුවට කලක් අපි ශාපකලේ සුද්දාටය. පසුව  ජාතිවාදී කපටි පාලකයින් අපට පෙන්වා දුන්නේ, අසල්වැසි සහෝදර දමිල ජාතිකයා, මුසල්මානුවා අපේ අතීත විභූතිය සොරාගත් බවය. එසේ සමස්ත සමාජයක් නොමග යැවුවන් බලයට ආවත් අපේ ඉරණම වෙනස් වුයේ නැත.

එසේ වෙනස් වූවානම් විදෙස් ගෘහ සේවයට ගොස් දුෂ්කරතාවන්ට මුහුණදුන් සුමනවතීලා, රිසානලා බිහිවන්නේද නැත. 

ඒ අනුව  මේ පැමිණ ඇත්තේ ඉරණම වෙනස් කරන මොහොතය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ ඊට ඇති මාවතය. 

(ශනිදා සටහන )