Language Switcher

V2025

ලංකාව ලෝකයේ ජනප්‍රියම සංචාරක ගමනාන්තයක් - Eurasia Review

ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජාත්‍යන්තර ජනප්‍රිය සඟරාවක් වන Eurasia Review වාර්තා කර ඇත.

ඕස්ට්‍රේලියාවේ Virtuse Luxe 2018 වාර්තාව පාදක කොටගෙන එම වාර්තාව සකස්කර ඇත.

එසේම මීට පෙර Family Traveler Awards උළෙල හා ලන්ඩන්හි පැවැති Travel Bulletin Star Awards උළෙලේ දීද ඉතා වැදගත් සංචාරක ගමනාන්තයක් වශයෙන් සම්මාන දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත.

තවද National Geographic Channel, Lonely Planet හා අනෙකුත් නාලිකා ගණනාවකද ශ්‍රී ලංකාව මේ වන විට නිවාඩු ගතකිරීමට සහ සංචාරය සඳහා හිතකරවී ඇති බවට වාර්තා පලවී තිබිණ.

එහිදී එම වාර්තා පෙන්වාදී ඇත්තේ මෙරට සාම ක්‍රියාවලිය සාර්ථකවී ඇති අතර සංචාරකයන්ගේ ආරක්ෂාවද ඒ තුළ තහවුරුව ඇති බවය.