Language Switcher

V2025

රත්මලාන ගුවන් තොටුපළේ සිවිල් ගුවන්සේවා අරඹයි

රත්මලාන ගුවන් තොටුපළ සිවිල් ගුවන්සේවා සඳහා යොදාගත හැකි ආකාරයට සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

 වාර්තා වන ආකාරයට අක්කර 460 කින් සමන් විත රත්මලාන ගුවන් තොටුපළේ අක්කර 25ක කොටසක් මෙසේ සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතව ඇති අතර කොළඹ නගරයට ඉතා ආසන්නව පවතින මෙම ගුවන්තොටුපොළේ සිවිල් ගුවන් මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනය කිරීම මඟින් විශාල ප්‍රතිලාභයක් ලබාගැනීම මෙහි අපේක්ෂාව වී තිබේ.

රත්මලාන ගුවන්තොටුපොළ 1938 වර්ෂයේදී පිහිටුවන ලද අතර 1969 වර්ෂයේදී කටුනායක ගුවන්තොටුපොළ විවෘත කරනු ලබන තෙක් දේශීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා ද භාවිත කළේ එම ගුවන් තොටුපොළයි.

ඒ අනුව වාණිජ සිවිල් ගුවන් යානා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු ගුවන්තොටුපොළ ලෙසද වාර්තා වන්නේ රත්මලාන ගුවන් තොටුපළ යි.