Language Switcher

V2025

ප්‍රංශ රජයෙන් යූරෝ මිලියන 13.9 ක සහන ණයක්

ප්‍රංශය විසින් යුරෝ මිලියන 13.9 ක (රුපියාල් මිලියන 2514 කට ආසන්න ) සහනදායි ණය මුදලක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති අතර ඊට අදාළ එකඟතා ගිවිසුම ඊයේ (27) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Isabelle Miscot මහත්මිය අතර එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණ.

French Agreement27122017

ආදාල සහන ණය මුදල මෙරටට හිමිවන්නේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහාය.

යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරි ලීටර් 4500ක් පමණ නිෂ්පාදනය කල හැකි වන පරිදි පෙර තෝරාගන්නා ලද කුඩා ප්‍රමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමුපකාර සමිති සහ සංවිධාන 6ක නවීන උපකරණ ස්ථාපනය කිරීම හරහා නවීකරණය කිරීමට අපේක්ෂිතය.

එසේම මෙම නවීකරණයෙන් පසුව ඉහල ගුණත්වයේ කිරි ආශ්‍රිත නිපැයුම් නිෂ්පාදනයට මෙන්ම අදාළ ක්‍රියාවලිය පරිගණක ආශ්‍රයෙන් නිරීක්ෂණය කිරීමටද හැකියාව ලැබේ.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට 2020 වර්ෂය වන විට කිරි ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත වීම සඳහා වූ රජයේ ඉලක්කය මෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුම සහ සැපයුම අතර පරතරය අවම කිරීමට දායකත්වය සැපයීමද අදාළ ව්‍යාපෘතියේ අරමුණ වෙයි.