Language Switcher

V2025

උතුරේ විපතටපත් ජනතාවට සතොස අඩු නැතුව පිහිට වෙයි !

ගං වතුර හේතුවෙන් විපතටපත් ජනතාව වෙත අඩුවකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  ලබාදීම සදහා ලංකා සතොස කඩිනම් පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වැලිසර පිහිටි ලංකා සතොස ප්‍රධාන ගබඩා පරිශ්‍රයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු ට්‍රක් රථ 5 ක් මේ වන විටත් උතුරු ප්‍රදේශයට පිටත්කර යවා ඇති අතර තවත් තොග ඒ වෙත සැපයීම වෙනුවෙන් සූදානම් කෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත.
 
එසේම මෙම භාණ්ඩ තොග හිගයකින් තොරව  සතොස ප්‍රාදේශීය ශාඛ හරහා බෙදාහැරීම සදහා ද කර්මාන්ත හා වානිජ , දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් උපදෙස් ලබාදී ඇති බවත්  වාර්තා වෙයි.
 
තවද විපතටපත් ජනතාවට අවශ්‍ය පරිදි අත්‍යවශ්‍ය ආහාර බෙදීම සදහා ප්‍රාදේශීය සතොස ශාඛා සමග සම්බන්ධව කටයුතු කරන ලෙස දිස්ත්‍රික් , ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
 
එම කටයුතු විධිමත් කිරීම සදහා සතොස සභාපති තාරික් කලීල්, සතොස ප්‍රධාන විධායක නිලධාරී  එස්. එච්. එම්. ෆරාස් යන අය පත්කර ඇති බවත් වාර්තා වෙයි.