Language Switcher

V2025

ඉතුරුම් ගිණුම් පොළිය මත රදවා ගැනීමේ බදු සීමාව ඉහළ දමයි !

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවාලීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125000 දක්වා වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට සියයට 5 ක් වන රඳවා ගැනීමේ බද්ද අයකරනු ලබන්නේ මාසික පොලී ආදායම රුපියල් 250,000 වඩා වැඩි වුවහොත් වැඩිවන ප්‍රමාණයට පමණක් වන බවද එම අමාත්‍යාංශය කියයි.

ඇතැම් රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික ආයතනවල සේවකයින් විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ විශ්‍රාම ගන්නා අතර එහිදී ඔවුන්ට ලැබෙන මුදල් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කිරීමට වැඩි අවස්ථාවක් සලසාදීමේ අරමුණින් එම පියවර ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.

රඳවා ගැනීමේ නව බදු සීමාවන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.