Language Switcher

V2025

මහ බැංකුව බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇති බවයි.

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය සහ පොලිය ගෙවීම සඳහා මෙම භාණ්ඩාගාර බිල්පත් යොදා ගැනීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව සඳහන් කළේය.

ජාතික වශයෙන් වැදගත් සුවිශේෂි අවස්ථාවන් වලදී භාණ්ඩාගාරයේ ඉල්ලීම මත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරිමට මුදල් මණ්ඩලය බැදී සිටින බව මහ බැංකුව පෙන්වා දෙයි.

මෙලෙස නිකුත් කර ඇති භාණ්ඩාර බිල්පත් වලින් කොටසක් ලබන මාසයේදී ආපසු ගෙවීමට රජය එකඟවී ඇති බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර ජනවාරි මස 31 වන දිනට ප්‍රථම තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ මුදලක් විදෙස් ණය සහ පොලිය ලෙස ගෙවීමට රජයට සිදුව තිබේ.

පසුගිය 14 වන දින ද රජය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදෙස් ණය සහ පොලිය වශයෙන් ගෙවීම සිදු කළේය.