Language Switcher

V2025

ව්‍යාජ ඊ මේල් එකක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක් !

ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩයක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව දැනුවත් කරමන් නිවේදනයක් නිකුත් කරයි.
 
උපුටා ගැනීම.
 
Notice from Central Bank of Sri Lanka EPF“ යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ  ලෙස පෙනී සිටිමින් ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ඉලක්ක කරමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා වී ඇත.
 
ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එවන් කිසිදු දැනුම්දීමක් කිසිදු අයුරකින් හෝ සිදු කර නොමැති බව මහජනතාව සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දීමට කැමැත්තෙමු. තව ද, මෙවන් වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ සම්බන්ධයෙන් අවදියෙන් සිටින මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් හා මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටින අතර “Notice from Central Bank of Sri Lanka EPF“ යන මැයෙන් ඔබ වෙතට පැමිණෙනු ලබන සැක කටයුතු විද්‍යුත් තැපැල් පණිවිඩ හෝ එහි ඇමුණුම් හෝ ඊට අදාළ සම්බන්ධක (Links) විවෘත කිරීමෙන් වළකින මෙන් අවවාද කර සිටිමු.