Language Switcher

V2025

රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්

රජයේ සාර්ථක ආදායම් සහ වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63 කට පසුව අයවැයේ රාජ්‍ය මුල්‍ය ප්‍රාථමික ශේෂයේ රුපියල් බිලියන 21.9 ක් වාර්තා වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.

නිදහස ලැබීමෙන් පසුව අයවැය අතිරික්තයක් මේ අයුරින් වාර්තා වී ඇත්තේ මීට පෙර 1954 වන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් බවද අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්ව තිබේ.

එම නිවේදනය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම.ඒ. හසන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ 1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. එහෙත් 1994 සිට මේ දක්වා අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැති බවය.

2017 වසරේ ගෙවී ගිය මාස දහයක කාලය අවසානයේ රාජ්‍ය ප්‍රාථමික මූල්‍ය ශේෂය රුපියල් බිලියන 21.9ක් ලෙස දැක්වෙන බවත් 2016 වසරේ මුල් මාස දහය අවසානයේ එම අගය දැක් වූයේ රුපියල් බිලියන 37ක ඍණ අගයක් ලෙස වාර්තා කරමින් ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා වීම රටක ආර්ථිකයේ වර්ධනීය ලක්ෂණයක් වන අතර මෙය ණය ගෙවීමේ කළමනාකරණ හැකියාව මෙමගින් තවත් ඉහළ යනු ඇති බවද එහි සඳහන්ය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම.ඒ. හසන්ගේ අත්සනින් යුතුව නිකුත් කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.