Language Switcher

V2025

මාර්ග තදබදයට විසඳුමක් : බොරැල්ල සිට මරදානට ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමයක්

මාර්ග තදබදය අවම කිරීම සඳහා උපක්‍රමයක් ලෙස බොරැල්ල සිට මරදාන දක්වා ප්‍රමුඛතා මංතීරු ක්‍රමයක් හඳුන්වාදුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (10 බොරැල්ල සිට මරදාන දක්වා බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ඉදිරියේදී බොරැල්ල සිට පිටකොටුව දෙසට තිබෙන මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් එය උදය වරුවේ ඇති වී තිබෙන මාර්ග තදබදයට විසඳුමක් ඇති කර ගැනීම සඳහා එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් ලෙස සිදුකරන බවත්ය.

එසේම පාර්ලිමේන්තු මංසන්දියේ සිට ආයුර්වේද මංසන්දියට තිබූ බස් ප‍්‍රමුඛතා මංතීරුව රාජගිරිය පාලම නිසා තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත් පාලමේ යට කොටසේ තිබෙන සංවර්ධන කටයුතු නිමකර මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයා ලැබුණු විගස එය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.

එමෙන්ම මෙරට අද තිබෙන මාර්ග තදබදයේ ගැටළුව විසඳා ගැනීමට අනිවාර්යෙන්ම හැකියාව පවතින්නේ බස්රිය සහ දුම්රිය ඇතුළත් පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් පමණක් එනිසාම ඉදිරි කාලයේදී විශේෂයෙන්ම මගී ප‍්‍රවාහන සේවයේ නවීකරණයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සැහැල්ලූ දුම්රිය පද්ධති හඳුන්වාදීම පිළිබඳ වැඩකටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු බවත් එය 2023 වන විට අවසන් කරලීමට අපේක්ෂා කරන බවත්ය. එසේම මෙම වසරේදී බස් සීග‍්‍රගාමී කි‍්‍රයාවලිය සඳහාද පියවර තබන බවද අමාත්‍යවරයා පැවසීය.

03 1