Language Switcher

V2025

2018 ලංකා ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේදී 5% කින් වේගවත් වනු ඇති බවට ලෝක බැංකුව නිවේදනය කළ නවතම ආර්ථික අනාවැකි ඇතුළත් නිවේදනයේ සඳහන් බව වාර්තා වෙයි.

දකුණු ආසියාව සම්බන්ධව නිකුත් කර ඇති එම නිවේදනය අනුව ලෝක බැංකුව පවසන්නේ 2018 දී 6.9%ක වර්ධනයක් අත්පත් කරගන්නා බවත් පරිභෝජනය ශක්තිමත් ව පවතින අතර අපනයන යථා තත්ත්වයට පත්ව ආයෝජන යහපත් ලෙස පවතිනු ඇති බවයි.

එසේම ඊට අනුව 2018 - 2019 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාව 7.3%ක වර්ධනයක් ලබාගනු ඇති අතර 2019 - 2020 වර්ෂයේ දී එය 7.5%ක වර්ධනයක් වනු ඇත. පෞද්ගලික අංශ භාණ්ඩ හා සේවා බද්ධට හුරුවෙමින් පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ යනු ඇත.

ඉන්දියාව හැර ගත් විට කලාපය 2018 වසරේ දී 5.8%ක වර්ධනයක් ද 2019 වසරේ දී 5.9%ක වර්ධනයක් ද ලබනු ඇත. පකිස්ථානය 2018 - 2019 වසරේ දී 5.8%ක, බංග්ලාදේශය 6.7%ක්ද අත්පත් කරගනී. ශ්‍රී ලංකාව 2018 දී ශක්තිමත් පෞද්ගලික පරිභෝජන හා අයෝජනා වර්ධනයක් පෙන්වමින් 5%ක වේගයක් අපත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.