Language Switcher

V2025

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 51% ක කොටස් ලංකාවට !

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය සම්බන්ධයෙන් එළඹීමට අපේක්ෂිත සහයෝගීතා ගිවිසුම අනුව පර්යන්තයේ හිමිකාරීත්වය සියයට සියයක් ශ්‍රී ලංකාව සතුවන බව වරාය අධිකාරිය කියයි.

වරාය අධිකාරිය මේ බව නිවේදනය කළේ කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ත සම්බන්ධයෙන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර එළඹීමට යෝජිත ගිවිසුම පිලිබද පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමිනි.

මෙම පර්යන්තයේ මෙහෙයුම් සමාගමේ කොටස් වලින් 51% ක හිමිකාරීත්වය ශ්‍රි ලංකා රජය සතුවන අතර සෙසු පාර්ශව වලට හිමිවන්නේ 49% ක කොටස් අයිතියක් පමණක් බවද පැවසේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබා ගැනීමට නියමිත ජපාන ණය ශ්‍රි ලංකාව මෙතෙක් ලබාගෙන ඇති හොදම ණය කොන්දේසි වලින් සමන්විත බවද වරාය අධිකාරිය කියා සිටී.

මෙම ණය කොන්දේසි තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින බවද අධිකාරිය සඳහන් කරන අතර මෙම නව ක්‍රමවේදය මගින් වේගවත් සංවර්ධන ශක්‍යතාවක් ලබා ගැනීම අරමුණ බවද වරාය අධිකාරිය සඳහන් කළේය