Language Switcher

V2025

ඉන්දුනීසියා ජනාධිපති ලබන 24 වන දා මෙරටට

ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතා සහ එම ආර්යාව ලබන 24 මෙරටට පැමිණිමට නියමිතයි.

ඉන්දුනීසියා ජනාධිපතිවරයා එදිනම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා හමුවිමට නියමිත බව වාර්තා වේ.

24දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉන්දුනීසියා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක්ද පැවැත්වෙනු ඇත.

පසුදින එනම් 25 වන දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතාව හමුවන අතර එදිනම ඉන්දුනීසියා ජනාධිපතිවරයා නැවත සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම දෙදින නිල සංචාරයේදී දෙරටේ අතර පවතින සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙණු ඇති බවයි එම වාර්තා වැඩිදුර සඳහන් කර සිටියි.