Language Switcher

V2025

සිංගප්පුරු අගමැති ලබන 22 දිවයිනට

 
සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සින් ලුන් මහතා ලබන 22 මෙරටට පැමිණිමට නියමිත බව වාර්තා වේ. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන  සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා 23 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට ද එදින පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමතව ඇත. 
 
සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.  
 
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ඒ මහතා වෙළෙද සමුළුවකට ද සහභාගීවිමට නියමතව ඇති බවයි.