Language Switcher

V2025

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් : ලෝක බැංකුවෙන් උසස්වීමක් !

ලෝක බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පහළ මැද ආදායම් ලබන රටක සිට ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස උසස් කර ඇත.

ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇත්තේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3996-12375 අතර ඇති රටවල් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසයි.

පසුගිය වසරේ ජුලි 01 දා වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 3840ක් වූ අතර එහිදී ඇතුලත් කර තිබුනේ පහල මැද ආදායම් ලබන රටක් ලෙසයි.

2019 වසරේ ජුලි 01 වන විට මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 4060ක් තෙක් ඉහල යාම නිසා ඉහල මැද ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර ඇත.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found