Language Switcher

V2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 35 වන සංවත්සරය

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය තම 35 වන සංවත්සරය පසුගිය 19 වන දාට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය ඇමතිතුමාට, ආයතනයටත් ඇතුළු ලක්වැසි සියලු දෙනාටත් සෙත් පතා පරිත‍්‍රාන පිරිත් සජ්ජායනයක් හා සංඝයා වහන්සේලා තිස්පස් නමක් සදහා උදෑසන දානය පිළිගන්වීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්යාල පරිශ‍්‍රයේදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස් ඒ පී සූරියප්පෙරුම මහතා කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ එච් ආර් විමලසිරි මහතා, ජනාධිපති අතිරේක ලේකම් හා ජනාධිපති අරමුදලේ ලේකම් ඩී එන් නානායක්කාර මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් ජයසිංහ මහතා ඇතුලූ නිළධාරීන් හා කාර්ය මණ්ඩලයද සහභාගි වී තිබේ.

තවද මෙම අවස්ථාව සදහා ලොතරැයිපත් බෙදා හැරීමේ සහ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ද සහභාගී විය.