Language Switcher

V2025

ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ඍජු විදේශ ආයෝජනය 2017 වසරේදී

ලංකාවේ ඍජු විදේශ ආයෝජන(FDI) මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන ඇමරිකානු ඩොලර් බිලියන 1.63 ක වර්ධනයක් 2017 වසරේදී අත්කරගෙන ඇතැයි වාර්තා වේ. ඊට පෙර වසරේ වාර්තා වී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 802 ක ආයෝජනයක් පමණි. සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම හා පහසුකම් සැලසීම සඳහා වන ආයෝජන මණ්ඩලය(BOI) සඳහන් කර පරිදි මීට පෙර වාර්තා වූ ඉහළම අගය වන්නේ 2014 වසරේ වාර්තාවූ ඇමරිකානු ඩොලර් මිලියන 1.61 ක ප්‍රමාණයයි.

මෙම වර්ධනය සඳහා බලපාන ලද ප්‍රධාන හේතුව රජයේ ආර්ථික සැලසුම් යටතේ ක්‍රියාත්මක ණය මුදල් හරහා රජයේ යටිතල පහසුකම් සංවර්ධනය නොකිරීම සහ ආයෝජන සහ අපනයන ආර්ථික සැලසුම් ක්‍රියාවලියයි.

මෙසේ ඉහළ වර්ධනයක් අත්කරගෙන ඇති ක්ෂේත්‍ර වන්නේ අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන (+27%) සහ සේවා අතරින් සංචාරක සහ තොරතුරු තාක්ෂණ (+50%) යටිතලපහසුකම් (+190%) යන ක්ෂේත්‍රයි . වැඩිම ඍජු විදේශ ආයෝජන පැමිණ ඇත්තේ චීනයෙන්, හොංකොං, ඉන්දියාව සහ සිංගප්පුරුව යන රටවලිනි.

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා පවසන පරිදි විදෙස් ආයෝජන ඉහළ නැංවීමේ අරමුණින් විවිධ සේවා එකම ස්ථානයකින් සැපයිය හැකි ආකාරයේ virtual One Stop Shop නම් ක්‍රමය තවත් රාජ්‍ය ආයතන 24 ක් සමඟ එකතුවකින් 2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එසේම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මේ පිළිබඳව දහස් දක්වමින් 2020 වනවිට ඍජු විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ. එසේම 2018 වසරේ මීට සමගාමීව ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වර්ධනයක් අත්කර ගනු ඇති ඔහුගේ විශ්වාසයයි.

සෘජු ආයෝජනයන් සඳහා දිරිමත් කිරීම සහ පහසුකම් සැපයීම සඳහා, නව දේශීය ආදායම් පනත මගින් සමාගම් විසින් සිය සම්පූර්ණ ආයෝජන ආපසු අයකර ගන්නා තෙක් වඩා වේගවත් ආයෝජන දීමනා සපයයි. නව විදේශ විනිමය පනත හරහා ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා විදේශ විනිමය පාලනය ද ලිහිල් කර තිබේ.

ආයෝජන මණ්ඩලය විසින් මිලේනියා, බිංගිරිය, වැලිගම සහ මාවතගම යන ප්‍රදේශවල නව අපනයන ප්‍රවර්ධන කලාප කීපයක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත