Language Switcher

V2025

කාන්තා ශ්‍රම බලකාය ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ශ්‍රී  ලංකා ශ්‍රම  බලකා සමීක්ෂණයේ කාර්තුමය වාර්තාවට අනුව  2017 වසරේ තෙවන කාර්තුව වන විට  කාන්තා ශ්‍රම බලකායේ වැඩිවීමක් දක්නට ලැබේ. 

මෙය 2012 දී කාන්තා ශ්‍රම  බලකායේ සහභාගිත්ව අනුපාතය සමග සැසඳීමේදී වසර ගණනාවක් තුළ ක්‍රමික  වැඩිවීමකි. එහෙත් ශ්‍රම බලකායේ  පිරිමි සහභාගීත්වය සෑම විටම කාන්තාවන්ට වඩා ඉහළ වේ.

එම වාර්තාවට අනුව රටේ ආර්ථිකය තුළ ක්‍රියාකාරී  ජනගහනය මිලියන 8.52 ක් වේ. මේ අතරින් සියයට 63.1 ක් පිරිමින්  වන අතර 36.9 ක් කාන්තාවන් වේ.

 ආර්ථිකමය වශයෙන් ක්‍රියාකාරී ජනගහණය තීරණය කරන බව පැවසෙන්නේ නිරීක්ෂණය කරනු ලබන සතිය තුළ වයස අවුරුදු 15 සහ ඊට වැඩි රැකියා සහිත සහ රැකියා විරහිත ජනගහනය ඇසුරිණි. මෙම වාර්තාව මගින් ආර්ථිකමය වශයෙන් මිලියන 7.37 පමණ ජනතාවක් ක්‍රියාකාරී නොවන බව පෙන්වා දී  තිබේ. 

2017 වසරේ තෙවන කාර්තුවේදී ශ්‍රම  බලකායේ සහභාගීත්වය 53.6 ක් වන  බව එම වාර්තාවේ සඳහන් වේ. මෙයින්, පිරිමි ශ්‍රම  බලකායේ සහභාගිත්ව අනුපාතය 73.6 ක් වන අතර කාන්තා ශ්‍රම  බලකායේ සහභාගිත්ව අනුපාතය 36.6 ක් වන අතර පිරිමි-ගැහැණු සහභාගිත්ව අනුපාතිකයන් අතර 37 ක  වෙනස්කම් පෙන්නුම් කරයි.

මෙම වාර්තාව පදනම්ව නිවාස ඒකක 6,440  නියැදියක් මත පදනම් වේ.