Language Switcher

V2025

වරලත් ගණකාධිකාරී ආයතනයට නව සභාපතිවරයෙක්

ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 2018-2019 වර්ෂ සදහා නව සභාපති පත්වීමේ සමාරම්භක උත්සවය පසුගියදා (08) දින කොළඹ, හිල්ටන් හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, නව සභාපති ජගත් චන්ද්‍ර පෙරේරා, සහ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.