Language Switcher

V2025

මලක ඇත්තේ රුව සුවඳ විතරමද ?

මල් ලස්සනයි සුවඳයි. ඒත් ඒ සමහර මල් ආහාරයට ගන්නවා කිව්වා ගමන් ඔබට ටිකක් නුහුරු ගතියක් දැනේවි. ඔබ නොහිතුවට අපේ රටෙත් අපි විවිධ මල්වර්ග ආහාර වේලට එකතු කරගන්නවා. අපි බොහෝ වෙලාවට ආහාර ලෙස ගන්නේ එළවලු ශාක ලෙස හදුනාගන්නා ශාකවල හටගන්නා මල් වර්ගයි.

එතැනින් එහාට විවිධ වර්ගයේ වර්ණවත් වගේම සුවඳවත් මල් වර්ග ආහාරයට ගැනීමේ සම්ප්‍රදායක් ලෝකය පුරාම පවතිනවා. ඉන්දියාවේ, චීනයේ, ග්‍රීසියේ සහ රෝමයේ මල්, ආහාර සූප ශාස්ත්‍ර සඳහා එකතු කරගැනීම පටන් ගෙන තිබෙන්නේ මිට වසර දස දහසකට එහා සිටයි.

මල් ඔබේ කෑම වේලට එකතු කරගැනීම හරහා කෑම වේලට විවිධ පැහැයන් සහ රසයන් එකතු වෙනවා.

මේ සමහරක් මල් ගුණදායක, රසවත්, සුවදවත් සහ විවිධ පාටින් යුක්තයි. මෙවැනි මල්වර්ග යොදාගෙන හදන කෑම වට්ටෝරු විශාල ප්‍රමාණයක් තියෙනවා.

ඔබ ආහාරයට එකතු කරගැනීමට පුළුවන් යයි කියා නොහිතෙන මල් වර්ග කිහිපයක් පහත දැක්වෙනවා.

වයලට් - මෙය සලාද වර්ග සඳහා මෙන්ම අතුරු පස සඳහාද යොදාගත හැකියි.

සූරියකාන්ත - මෙහි පෙති සහ පොහොට්ටු ආහාරයට ගත හැකියි.

රෝස්මරි - පැණි රස කෑම පිසීමට යොදාගනියි.

රෝසමල් - සියලු වර්ගයේ රෝසමල් ආහාරයට ගත හැක

ලිලැක් - මෙම මලෙහි සුවඳට සමාන රසයක් ලබාදේ

ලැවෙන්ඩර් - මෙම මල් වර්ගය සුවඳවත් සහ පැණි රැසකින් යුතු නිසා පැණි රස කෑම සඳහා වඩාත් ගැලපේ.

 පිච්ච - පිච්ච මල් බොහෝ රටවල් තේ සමඟ පානය කරනු ලැබේ.

සපත්තු මල් - මෙය තේ වර්ග නිපදවීමට විශේෂයෙන් යොදාගන්නකි.

බැසිල් මල් - මෙම මල්ද බැසිල් පත්‍ර මෙන්ම ආහාර සඳහා යොදාගන්යි.