Language Switcher

V2025

ප්‍රවීණ රංගධර දයා තෙන්නකෝන් දිවියෙන් සමුගනී

දයා තෙන්නකෝන් මෙරට වේදිකා, සිනමා, ගුවන් විදුලි, මෙන්ම රූපවාහිනී යන සියලු ක්ෂේත්‍රයන් නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ කලා කරුවෙකි.

සුගතපාල ද සිල්වාගේ වේදිකා නාට්‍ය තුළින් රංගන ජීවිතය ආරම්භ කළ ඔහු මෙරට විශ්ෂ්ට වේදිකා සිනමා රූපවාහිනී අධ්‍යක්ෂවරුන් යටතේ විවිධ චරිත නිරූපණයන් හි යෙදෙමින් මෙරට රංගන ක්ෂේත්‍රෙය් නමක් දිනා සිටි දක්ෂ රංගන වේදියෙකි.

දයා තෙන්නකෝන් මහතා ටික කාලයක් අසනීපයෙන් පසු වූ අතර, අද මහරගම අපේක්ෂා රෝහලේදී ජීවිතයෙන් සමු ගෙන ඇත.

මිය යන විට 78 වන වියෙහි පසුවූ ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.