Language Switcher

V2025

සුදේව සහ රංගන - හිරු හැර යයි

ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීයා වූ සුදේව හෙට්ටිආරච්චි එම ආයතනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

ඔහු සමඟ  එම නාලිකාවේ කටයුතු කළ  රංගන ද  සිල්වා ද ඉවත්ව ඇති බවත් වාර්තා වෙයි.
 
ඔවුන් මෙසේ හිරු නාලිකාවෙන් ඉවත්ව ඇත්තේ ස්වර්ණවාහිනී ආයතනය වෙතින් ලද ආරාධනයක් අනුව බවත් අද (28) සිට  සුදේව, රංගන තවදුරටත් ABC මාධ්‍ය ජාලය සමග කටයුතු නොකරනු ඇති බවත් දැනගන්නට ඇත.
 
ABC මාධ්‍ය ජාලය රේන සිල්වා ගේ වන අතර ස්වර්ණවාහිනිය එදිරිසිංහ සමූහ ව්‍යාපාරය ආරම්භ කර මේ වන විට වෙනත් සමාගමක් මිලදීගෙන ඇත.