Language Switcher

V2025

ශෙහාන්ට ක්‍රිකට් තහනම් !

ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වීම හේතුවෙන් ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  මැයි 26 වනදා  සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන බවයි. 

ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්  මොහාන් ද සිල්වා එහිදී පවසා ඇත.

ශෙහාන්  සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මගින් පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එය අවසන් වන තෙක් මෙම තහනම බලපැවැත්වෙන බවත් ඔහු පවසා ඇත.