Language Switcher

V2025

චීන ධඡය සඳ මතට.....

සඳ මත සිය ධජය එසවීමට චීනය සමත් වී තිබේ.

සඳ මත ජාතික ධජයක් එස වූ දෙවන රට බවට පත්වීමට චීනය සමත් විය.

1969 වසරේ දී ගගනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් අමෙරිකාව සඳ තරණය කළ ලොව පළමු රට බවට පත්විය.

එහිදී සිය ධජය සඳ මත එසවීමට අමෙරිකානු ගගනගාමීන් සමත් විය.

චීනය ගගනගාමීන් රහිත චැන්ග් අ ෆයිව් අභ්‍යවකාශ යානය පසුගිය දා සඳ මත ගොඩබෑමට සමත් වුණේ, අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමෙන් වසර 50 කට පමණ පසුවයි.

සඳෙන් පාෂාණ සාම්පල රැගෙන එම අභ්‍යවකාශ යානය යළි පෘථීවිය බලා පිටත්වීමට පෙර ලබා ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරීමට චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පියවර ගෙන ඇත.