Language Switcher

V2025

ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් බිඳ වැටෙයි

ජනප්‍රිය සමාජ ජාලා යෙදුම් වන  Instagram හා Facebook Messenger සේවාවන් මේ වන විට ලොව පුරා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

මේ අතර Windows Central වෙබ් අඩවිය පවසන්නේ Facebook හා WhatsApp සේවාවන් හි බිඳවැටීම් ද ලොව ඇතැම් රටවලින් වාර්තා වන බවයි.

කෙසේවෙතත් මෙම සේවාවන් හි හිමිකාරීත්ව සමාගම වන ෆේස්බුක් සමාගම හෝ එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අදාළ බිඳවැටීම පිළිබඳව මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත.