Language Switcher

V2025

හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරගාවලිය 17 වනදා ඇරඹේ !

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන "හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය" 2021 ජනවාරි 17 දින ප.ව.3.00 ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වන මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම් 05 ක් තරගවදී.

මේ සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (15) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂගේ ප්‍රධානත්වයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

  •  තරගාවලිය සදහා එක්වන කණ්ඩායම් 05 

01.   තංගල්ල ලා ටැංගෝලියන්ස්

02.    බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය

03.   අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය

04.   හම්බන්තොට වයිට් ටයිගර්ස්

05.   කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය 

මෙම  කණ්ඩායම් 05 තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, බෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩංගණය, හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනෙහි මාස එක හමාරක් කාලයක් මෙම තරගාවලිය පැවැත්වේ.

අවසන් මහා තරගය තංගල්ල මහින්ද රාපක්ෂ ක්‍රීඩාංගණයේදී 2021.02.28 වන දින රාත්‍රී 6.00 සිට විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වේ.

  • තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය හා මුදලින් ත්‍යාග
  • අනුශූරතාවය සමග මුදලින් ත්‍යාග
  • තරගාවලියේ සෑම තරගයකම දක්ෂතම ක්‍රීඩකයාට කුසලාන
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා තේරීම
  • තරගාවලියේ වැඩිම ගෝල් රකින්නා තේරීම
  • තරගාවලියේ වැඩිම ගෝල් ලබාගන්නා ක්‍රීඩකයා සහ අවසාන මහා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ගෝල් රකින්නා යන ක්‍රීඩකයින්ට කුසලාන පිරිනැමීම.
  • මෙම තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා දිස්ත්‍රික් පුහුණු සංචිතයක් සකස් කිරීම සිදු වේ. මෙම මාධ්‍ය හමුව සදහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා , ලේකම් ජස්වර් උමාර් ඇතුලු හම්බන්තොට ක්‍රීඩා සංවර්ධන පදනමේ නිළධාරීන් සහභාගී විය.
  • WhatsApp Image 2021 01 15 at 6.18.47 PM