Language Switcher

V2025

ජනමාධ්‍යවේදී ලැරී කිංග් මිය යයි

සුප්‍රකට අමෙරිකානු ජනමාධ්‍යවේදී ලැරී කිංග් කොවිඩ් 19 රෝගයට ගොදුරුවීමෙන් අද(23) මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඔහු ඒ වන විට 87 වැනි වියේ පසුවිය. ලැරී කිංග් කොවිඩ් 19 රෝගයට ගොදුරු වූයේ මේ මස මුල් භාගයේදීය. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සීඩර්ස් සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි‍යේය. ලැරී කිංග්ගේ මාධ්‍ය ජීවිතය වසර 63ක් පුරා විහිදී තිබේ.
 
එම කාලය තුළ ඔහු අමෙරිකානු ගුවන්විදුලි,රූපවාහිනී හා ඩිජිටල් මාධ්‍යයෙහි අතිශය ප්‍රබල භූමිකාවක් නිරූපණය කළේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ලැරී කින්ග් ෂෝ නමැති සාකච්ජාමය වැඩසටහන තුළිනි.
 
ලැරී කිං වසර 63 ක් පුරා සහ ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යවල ලැරීගේ දහස් ගණනක් සම්මුඛ සාකච්ඡා, සම්මාන සහ ගෝලීය පැසසුමට ලක්ව ඇත්තේ විකාශකයෙකු ලෙස ඔහුගේ අද්විතීය හා කල් පවත්නා දක්ෂතාවයට සාක්ෂියක් ලෙසය.
 
කොරෝනා ආසාදිතයෙක් බැවින් ලැරී කිංග් වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් නොපවත්වනු ඇතැයි වාර්තා පළ වෙයි.