Language Switcher

V2025

විනිසුරු බෘස් පිටියෙන් සමුගනියි

ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් තරග විනිසුරු බෘස් ඔක්සෙන්ෆර්ඩ් 15 වසරක අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2006 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු ආරම්භ කරන අතර, 2007-08දී අන්තර්ජාතික විනිසුරු මඬුල්ලට ඇතුළත් වී වසර 2012දී අයිසීසී ප්‍රධාන විනිසුරුවරුන් ඇතුළත් මණ්ඩලයේ (ICC Elite Panel of Umpires) සාමාජිකයකු ලෙස උසස් කරනු ලබන අතර එතැන් සිට මේ දක්වා අඛණ්ඩව එම මණ්ඩලයේ කටයුතු කළ ඔහු ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවන් සඳහා ආරක්ෂක ආම්පන්න භාවිතා කිරීමට පුරෝගාමී විය.

ජගත් තරග 200කට ආසන්න සංඛ්‍යාව විනිසුරුවකු ලෙස කටයුතු කර ඇති ඔහු පිටියේ විනිසුරු ලෙස කටයුතු කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 62කි. බ්‍රිස්බේන්හිදී පසුගියදා නිමා වූ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, ටෙස්ට් තරගය ඔහු විනිශ්චය කළ අවසන් ටෙස්ට් තරගයයි.

ජගත් තරගවලින් සමුගත්ත ද, තවදුරටත් දේශීය තරගවලදී විනිසුරුවකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 16ක් සහ විස්සයි20 තරගයකදී පිටියේ විනිසුරු ලෙස කටයුතු කර ඇති බෘස් ටෙස්ට් සහ එක්දින තරග විනිසුරුවකු ලෙස කටයුතු අරඹන්නේ ද ශ්‍රී ලංකා පිල සහභාගී වන තරගවලිනි.