Language Switcher

V2025

විස්සයි විස්සේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

නිත්‍ය නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇත.

වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් මත දසුන් ශානකට සෙසු කී‍්‍රඩකයින් සමඟ කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව නොලැබුණු අතර,  තරග 3කින් සමන්විත කොදෙව් – ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 04 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතය.