Language Switcher

V2025

සචින් රෝහල්ගත කෙරේ

කොවිඩ් ආසාදිත බවට පසුගිය දා හඳුනා ගත් ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් රෝහල්ගත කර තිබේ.

සචින්  තෙන්ඩුල්කාර් ඊයේ (2) ට්විටර් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ, වෛද්‍ය උපදෙස් මත පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස තමා මුම්බායිහි රෝහලකට ඇතුළත් වූ බවයි.

47 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් පවසා ඇත්තේ දින කිහිපයක් ඇතුළත යළි පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ දිනයේ තෙන්ඩුල්කාර් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් පවසා තිබුණේ, නිවසේ සිට නිරෝධායනය වෙමින් සිටින බවත් පවුලේ අනෙක් සාමාජිකයින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවත් ය.

සබැඳි පුවත්

සච්න්ටත් කොරෝනා !