Language Switcher

V2025

ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

උස්බෙකිසථානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉසුරු කුමාර සමත් විය.

කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගත් ඉසුරු කුමාර එම බර පංතියේම ක්ලීන් ඇන්ඩ් ජර්ක් ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමටත් ඔහු සමත් විය.

මෙම බර ඉසිලීමේ ශූරතාවලිය, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගන්නා තරගාවලියකි.