Language Switcher

V2025

විශ්වරූ රැජින කිරුළ මෙක්සිකානු ඇන්ඩ්‍රියාට

69 වන විශ්ව රූ රැජින ලෙස මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්‍රියා ඊයේ (17) අභිශේක ගැන්විණි.

මෙම තරගාවලිය ඊයේ ෆ්ලොරිඩාවේ පැවැත්වුණු අතර පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්‍රිකානු රූ රැජින සොසාබිනි ටුවන් විසින් ඇන්ඩ්‍රියා හට කිරුළු පැළඳවීය.

රටවල් 73 ක තරඟකාරීයන් පරාජය කරමින් ඇන්ඩ්‍රියා 2020 විශ්ව රූ රැජිණ ලෙස අභිසෙස් ලැබීය.

මෙම තරඟවලියේ දෙවන ස්ථානය බ්‍රසීලයට ද තුන්වන ස්ථානය පේරූ රාජ්‍යයට ද හිමි විය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලෝක රූ රැජින තරගා=වලිය කල් දැමීම සිදුවිය.