Language Switcher

V2025

youth with talent ශුරතාවය ජනක කාංචන ට

මෙරට රියලිටී රූපවාහිනී වැඩසටහන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් youth with talent තරගාවලියේ අවසාන මහා තරගය පසුගිය 10 වනදා රාත්‍රියේ ජාතික තරුණසේවා සභා වේදිකාවේ පවත්වනු ලැබූ අතර එහි ජයග්‍රාහකයා වුයේ ජනක කාංචන ය.

youth with talent අවසන් මහා තරගයේ දෙවන ස්ථානය මොහොමඩ් නිෂ්හාම් විසින් දිනාගත් අතර තෙවන ස්ථානය නිමේෂ් මධුවන්ත විසින් දිනාගනු ලැබිණ.

ස්වාධීන රූපවාහිනිය හා ජාතික තරුණසේවා සභාව එකතුව මෙම තරගාවලිය සංවිධානය කොට තිබිණ.