Language Switcher

V2025

ඉන්දියාවට වාර්තාගත ජයක්

ඒ අනුව තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් පසු වෙයි.

නාග්පූර් හි පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 205 ක් ලබා ගත්තේය.

එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 04 ක් බිඳ හෙළීය.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06 කට ලකුණු 610 ක් ලබා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 213 ක් ලබා ගත් අතර චේතීශ්වර් පුජාරා ලකුණු 143 ක් ලබා ගැනීමට සමත් වුණි.

මීට අමතරව මුරලි විජේ ලකුණු 128 ක් සහ රෝහිත් ශර්මා නොදැවී ලකුණු 102 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුලු 03 ක් බිඳ හෙළීය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් යළිත් සාර්ථක වෙමින් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ක් ලබා ගත් අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වුණි.

කෙසේවෙතත් සෙසු කිසිඳු පිතිකරුවෙකුට සාර්ථකවීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර රවීචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකා දෙවන ඉනිමේදීත් කඩුලු 04 ක් බිඳු හෙළීය.

තරඟයේ වීරයා ලෙස විරාත් කෝලි සම්මානය හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දෙසැම්බර් මස 02 වනදා දිල්ලිහි ෆෙරෝෂා කොට්ලා ක්රීරඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.