Language Switcher

V2025

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල : ඉන්දික රිදී පදක්කමක් දිනයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා තරගාවලියේ ශ‍්‍රි ලංකාව පළමු රිදී පදක්කම දිනා ඇත.

ඒ කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්ව සඳහා වන අතර ඉන්දික දිසානායක විසින් මෙම පදක්කම දිනා ඇත.

අදාළ ඉසව්ව වෙනුවෙන් ඉන්දික ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160ක් වශයෙන් කිලෝග්‍රෑම් 297ක මුළු බරක් ඔසවා ඇත.

එසේම මීට පෙර මෙම තරගාවලියේදීම බර ඉසිලීම කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් සහ කිලෝ ග්‍රෑම් 48 බර ඉසිලීම කාන්තා අංශයෙන් දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී පැවැත්වෙමින් ඇත.

IndikaDissanayakeMudiyanselageDeepakLatherd6oHSod2b Pl