Language Switcher

V2025

මේරි කොම් රනින් සැරසෙයි

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 45-48 බර පන්තියේ කාන්තා බොක්සිං රන් පදක්කම දිනා ගන්නට සුප්‍රකට ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් සමත්ව ඇත.

අවසන් පුර්ව වටයේදී ලංකා ක්‍රීඩිකාව වූ අනුෂා කොඩිතුවක්කු පරාජය කළ මේරි කොම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර එහිදී ඇය තරග වැදුණේ අයර්ලන්ත ක්‍රිස්ටිනා ඔහරා සමඟය. එම තරගය 5-0 ලෙස ජයගන්නට මේරි කොම් සමත් විය.

මේ වන විට මේරි කොම් 35 වියේ පසුවන අතර දරුවන් තිදෙනෙකුගේ මවක්ද වෙයි.

ඉන්දීය ජනාධිපතිවරයා මෙන්ම එරට ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සමාජ ජාල ඔස්සේ මේරි කොම්ට සුභ පතා තිබිණ.

මරකම